Wednesday, September 15, 2010

The bitterness in life

It takes lots of courage to face life as it comes. many of us tend to struggle towards the harder aspects seeking complex pathways , when the beaten path is just around the corner. Some never show their miseries and down falls. even though there are heaps of sadness and sorrow, zillion reasons to be grumpy, I never can make my smile fade away. nevertheless I hide all the dark , sad emotional troll-pops deep within me so no one else gets disturbed. I guess that's why people say there's so much of light and shine in my life. Simply because the darkest parts are always invisible.
The only path to happiness is to accept life as it comes. this I've realized after so much of heartaches and heart breaks.

යමකට හෝ දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිනම් අපේ හිත් වලට දැනෙන මේ සංකා සෝ තැවුල් කිසිවක් නැතිවේවි. ඒත් එක්කම සතුට හිනාව සොම්නස මේවාත් නැති වේවි නේද ? මතුපිටින් පෙනෙනවාට වඩා බොහෝ දෑ ජිවිත වල පතුලේ සටහන් වී තිබෙනවා. නමුත් අපට පෙනෙන්නේ ... පෙනෙන්නට එළියට දමන දෑ පමණි. "ඔයාට මොනවාද තියෙන ප්‍රශ්ණ, අපටනේ ප්‍රශ්ණ තියෙන්නේ " යැයි කියන්නට කලියෙන් "මම තමයි ජීවිතේ වැඩියෙන්ම දුක් විඳලා තියෙන්නේ, මම තරම් පීඩිත වෙන කෙනෙක් නෑ" හිතන්නට කලියෙන් සිතන්න මේ වාගෙම හැමෝටම සිතෙන බව. නමුත් හැමෝම එක වාගේ ඒවා පෙන්වන්නේ නැති බව.

ජීවිතේ වෙනස් වෙන්නේ අපටත් නොදැනීම. කොයිතරම් යථාර්තවාදීව ජීවත් වෙන්නට සිදු වූවත් අපට සමහර විට අපේ අදහස් එක්කම ගැටෙන්න සිදුවෙනවා. බොහෝ කල් බලා හිඳ හිතට දැනුනු ලෙංගතුකම හිතටත් නොදැනීම හිත පතුලේම පැල පදියම් වෙලා. අපට දැනෙන අයුරින් ඒ විඳීම් එලෙසම අනෙක් අයටත් නොදැනෙන එකම තමයි මේ ජීවිතයේ ඇති අරුමය. මේ ගැටුම් වියවුල් සියල්ල එනිසා නොවේදැයි මට සිතේ. ජීවිතය කොයිතරම් දුක්බර වුනත් වාට්ටුවෙන් ටිකට් කපාගෙන යන රෝගීන්ගේ මුවින් ඇසෙන පැසසුම් සහ සැනසුම් වදන් පහන් හැඟුම් සමුදායක් ඇති කරනවා. දැන් දැන් සිංහල රෝගීන් බොහෝමයක් රෝහලට පැමිණෙනවා. අහනකොට කියන්නේ මෙහෙ දැන් හොඳයි සිංහල වෛද්‍යවරුන් බොහෝමයක් සිටින බවත් මෙහි සියලු පහසුකම් ලැබෙන බවත් හැම අතරම පැතිරෙන බව ඔවුන් අපට කීවා.
මෙහි පැමිණෙන බොහෝ දෙනෙක් නීරක්තියෙන් පෙලෙනවා. මෙයට බොහෝ හේතු තිබුනත් ප්‍රධාන හේතුව වන්නේ යකඩ ඌණතාවයි. පෝෂණය සහිත කෑම වේලක් ගන්න යැයි කීවාට ඔවුන්ගේ ප්‍රශ්ණ කන්දරාවත් සමග පෝෂණය සොය සොයා කෑම කන්න බැරි බව නොදන්නවා නොවේ. නීරක්තිය නිර්ණය කල සෑම රෝගියෙක්ටම හිමෝග්ලොබින් මට්ටම පහත් සාමාන්‍ය අගයට ගන්නකම්ම රුධිර පාරවිලනය කරන අතර ඖෂධ ද ඒ සමගම දෙනවා. එසේ පැමිණි එක් රෝගී කතක් හත් මස් වියැති ගැබිණියක් වූ අතර ඇගේ හිමෝග්ලොබීන් මට්ටම 3.6 g/dl ලෙස සටහන් වී තිබුනා. ගෙදර තව දරුවන් දෙදෙනෙකුත් සිටින ඈ කොහොමද මෙහෙම හිටියේ යන්නයි අපිට ප්‍රශ්ණයක් වුනේ. සැමියා කුලී වැඩ කරන අතර ජීවත් වෙන්නට දැඩි සටනක නිරත වෙන ඔවුන්හට නිසි පෝෂණ ආහාර වේලක් ගැනීම ගැන උපදෙස් දීම ගඟට ඉණි කපනවා වැනි වැඩකි.

මේ දිනවල මේ ප්‍රදේශයට ඇද වැටෙන වර්ෂාව නිසා පහත් බිම් වල වතුර පිරිලා.වැස්ස කොයිතරම් සොඳුරු වුනත් වැස්සේ තෙමෙන එක කොයි තරම් සොඳුරු වුනත් , ගම් බිම් යටකරගෙන උන් හිටි තැන් අහිමි කරන එකත්, නුදුරු දිනවල ඩෙංගු වැනි වසංගත රෝග පැතිරෙන එකත් එතරම් සොඳුරු නෑ.

"I love to walk in the rain because no one can see me cry"....

වැසි වැටෙන රාත්‍රී කාලයේ උනත් කුඩයක් ඉහලගෙන චොර චොර හඬින් පෑගෙන මඩ කඩිති උඩින් පැන පැන වාට්ටුවට යන්නේ කළ යුතු කාර්‍යය ඒ අයුරින්ම කිරීමටයි. අද උදේ වාට්ටුවට ගියේ පුළුවන් කමට නොවේ. උණ හෙම්බිරිස්සාව කැස්ස නිසා ඔද්දල් වුනු ශරීරයේ හැම මාංශ පේශියක්ම ඇදුම් කද්දී , කිසිදාක සහනයක් නොලැබෙන සිතුවිලි කන්ද පාමුල හිතේ හිස්කමත් කරපින්නාගෙන කළ යුතු වැඩ කොටස ඉටු කිරීමට උදෑසන 6.55 පමණ වෙද්දි වාට්ටුවට ගියෙමි. සෑම රෝගියෙකුම පරීක්ෂාකර ඔවුන්ගේ දුක සැප විමසා ඒ අවසන මේසයට පැමිණි මට දැඩි කලාන්ත ගතියක් එනවාත් හිස මේසය මත තබනවාත් පමණි මතක. ඉන්පසු හෙදියක විසින් මා නැගිටවා ඇතුලු කාමරයේ තිබූ ඇඳට මා ගෙන ගොස් තිබිනි. පැය 2 පමණ නින්ද ගිය මට නැවත ඇහැරුනේ කෑම බීම සමග තේ සාදා ඔවුන් කතා කල හඬිනි. වෛරස් උණ රෝගය නිසා පැය 6න් 6ට පැරසිටමෝල් පෙති සමග පුළුවන් තරම් දියර වර්ග පානය කරමින් හැකි අයුරින් වාට්ටුවේ වැඩ කළෙමි. හදිසි ලෙඩුන් පැමිණි විට විතරක් මා ඇහැරවනන්ට හෙදියන් පවා සැලකිලිමත් විය. එසේ ආ එක් රෝගියෙක්ගේ නාඩි පරීක්ෂා කරද්දී "ඩොක්ටර්ට උණ නේද ?" ඇය ඇසු විට හෙදියන්ට පවා සිනහා පහළ විය. අනෙක් වෛද්‍යවරිය පැමිණෙන තෙක් මා වාට්ටුවේම රැඳුනෙමි.

No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !